උඹට වැරදිලා...

අත්දැකීමක්! ඒ මොකක්ද?
උබ හිතාන ඉන්නෙ මට පිස්සු කියලද?
උඹට වැරදිලා...
මට නෙමෙයි,
එයාටයි පිස්සු...
මොකද,
එයාට මොලේ නෑ මගෙ ආදරේ තෙරුම්ගන්න...

නදිය නුඹ ඇවිදින්...

නදිය නුඹ ඇවිදින් - ගලයි මා අසලින්
කවිය මා තනියෙන් - හඬයි ඇය වෙනුවෙන්

සිහිල් මීදුමකින් - වැහෙන සරසවියෙන්
මතුව ඈ රුව දැන් - නව - සිහිනයක් මවමින්

වදන් අහිමිව මං - සිටින නිමේශයෙන්
ඇය යාවි සිහිනෙන් - යලි - කඳුලු මට පුදමින්

නදිය නුඹ ඇවිදින් - ගලයි මා අසලින්
කවිය මා තනියෙන් - හඬයි ඇය වෙනුවෙන්