සීතලයි රෝමියෝ...

සීතලයි රෝමියෝ - සුරුට්ටු බොනවා
සීතලයිනෙ ජුලියට් - සුරුට්ටු බොනවා

ඉස්කෝලෙ බෙල් එක - දෙකට වදිනවා
රෝමි ජුලියට්ව - කඩේ අදිනවා //
විසි එකත් වයසක් - මුදලාලි අහනවා
දෙන්නටම දහ අටයි - සුරුට්ටු බොනවා

සීතලයි රෝමියො..

රෑට රෝමියෝ - සුරුට්ටු බොනවා
උදේට ජුලියට් - සුරුට්ටු බොනවා //
පිළිකා ඇති කරයි - පැකට්ටුවෙ වදිනවා
ජුලියට්ගේ බුරිය උඩ - අළු ටික වැටෙනවා

සීතලයි රෝමියෝ..


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක



උඹට වැරදිලා...

අත්දැකීමක්! ඒ මොකක්ද?
උබ හිතාන ඉන්නෙ මට පිස්සු කියලද?
උඹට වැරදිලා...
මට නෙමෙයි,
එයාටයි පිස්සු...
මොකද,
එයාට මොලේ නෑ මගෙ ආදරේ තෙරුම්ගන්න...

නදිය නුඹ ඇවිදින්...

නදිය නුඹ ඇවිදින් - ගලයි මා අසලින්
කවිය මා තනියෙන් - හඬයි ඇය වෙනුවෙන්

සිහිල් මීදුමකින් - වැහෙන සරසවියෙන්
මතුව ඈ රුව දැන් - නව - සිහිනයක් මවමින්

වදන් අහිමිව මං - සිටින නිමේශයෙන්
ඇය යාවි සිහිනෙන් - යලි - කඳුලු මට පුදමින්

නදිය නුඹ ඇවිදින් - ගලයි මා අසලින්
කවිය මා තනියෙන් - හඬයි ඇය වෙනුවෙන්

හිරු නැගෙන තුරු...

සිතක් පිබිදෙයි සිතක් පරවෙයි
එකම යාමෙක එකම යායක
මිලින මල් පෙති පතයි හිරු රැස්
රැයක් පසු කර යළිත් දවසක...

සිහිනයක් බිඳ සිහිනයක් යළි
උපත ලබනා සොඳුරු යාමෙක
යමෙක් පතනෙමි යළිත් පතනෙමි
පිපෙන්නට හිරු නැගෙන දවසක...

පද වැලක් ගීයක් ලියා මල්
පෙති මතින් සුළඟට හමන්නට
පිපෙන්නට වෙර දරමි යළි මේ
ගී අසා හිරු නැගෙන දවසක...

© ධනුෂ දිසානායක
කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.