ඒයි මචන්...

ඒයි මචං - කවි ලිව්වෙ පරිණාමය වෙන්න හිතන්
කවිය කලේ - කෙලවපු එකයි මචන්
 .
මේ බලපන් - කවියේ කොලේ හුලඟෙ ගිහින්
ඕනෙමනං - ඇහිඳගනින්
.
ලව් කියල ලිව්වෙ මං - කවිය උඩින්
ලව් කියල කිව්වෙ - පන්ති ගිහින්

ලව් ඉලව් උනේ - උබ ඒකි එක්ක රූම් ගිහින්
ලව් රතු වෙලා අම්මගෙ සුදු රෙද්ද උඩින්
.
ඒයි මචන්...
.
මහ ඇඳ හෙට ඉඳන් - ඩේලී රූටින්
මහ ඇඳ ඒකිට වැඩක් නෑ බන් - ඩේලි රූටින්
තව පොඩි ඇඳක් ගන්නද - රෝස පාටින්
ඒකිටත් කෙල වෙයිද අන්තිමේ - රතු පාටින්
.

ඒයි මචන්... මේ බලපන්... ඒයි මචන්...


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

හීන දකින්නට...

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//

හීන දකිනවා - පඳුරු සැලෙනවා
සිකුරුටි එනවා - ගස් හෙලවෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

රුපියල් පොකෙට් එකෙන් - දැන් වැටෙනවා
ප්රීතිය පැකට් පිටින් - සතුට ගේනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

නිවාඩු ලැබෙනවා - බෝඩිං හිස් වෙනවා
රූමත් යනවා - මං තනි වෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

සුජී...

ණයට සාහිත් - ණයට ගී පද් - ණයට වැදගත්ය
කන්න බොන්න - සල්ලි වලට
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

ණයට පොශ් නටන - ණයට රථ ගාය - ණයට රස්සා කරන
නිදි කිරන්න - වදින්න - සල්ලි වලට
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

ණයට චාමරගෙන් - ණයට ගුටි කෑමෙන්
ණයට සේයා - ණයට වැල ලැප් - ණයට නීතිය - ණයට බලය
අතට ගන්න කලින්
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

සුජී උඹේ සාහිත්ය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ වැල ටික දීපන් - ලමයෙක්ට
සුජී උඹේ ඩිග්රිය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ නීතිය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ චන්දෙත් දීපන් - ලමයෙක්ට


(සුජී, උඹට කිසිම ප්රශ්නයක් නෑ. උඹට තියෙන්නෙ කෘත්රිමව හදල දුන්නු ප්රශ්න. දැනගනින්, උඹට කියල කිසිම දෙයක් ඉතුරු වෙලත් නෑ වෙන්නෙත් නෑ,ඔය ඔක්කොම දීල දාපන් ලමයෙක්ට සුජී)



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

සීතලයි රෝමියෝ...

සීතලයි රෝමියෝ - සුරුට්ටු බොනවා
සීතලයිනෙ ජුලියට් - සුරුට්ටු බොනවා

ඉස්කෝලෙ බෙල් එක - දෙකට වදිනවා
රෝමි ජුලියට්ව - කඩේ අදිනවා //
විසි එකත් වයසක් - මුදලාලි අහනවා
දෙන්නටම දහ අටයි - සුරුට්ටු බොනවා

සීතලයි රෝමියො..

රෑට රෝමියෝ - සුරුට්ටු බොනවා
උදේට ජුලියට් - සුරුට්ටු බොනවා //
පිළිකා ඇති කරයි - පැකට්ටුවෙ වදිනවා
ජුලියට්ගේ බුරිය උඩ - අළු ටික වැටෙනවා

සීතලයි රෝමියෝ..


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක