හිරු නැගෙන තුරු...

සිතක් පිබිදෙයි සිතක් පරවෙයි
එකම යාමෙක එකම යායක
මිලින මල් පෙති පතයි හිරු රැස්
රැයක් පසු කර යළිත් දවසක...

සිහිනයක් බිඳ සිහිනයක් යළි
උපත ලබනා සොඳුරු යාමෙක
යමෙක් පතනෙමි යළිත් පතනෙමි
පිපෙන්නට හිරු නැගෙන දවසක...

පද වැලක් ගීයක් ලියා මල්
පෙති මතින් සුළඟට හමන්නට
පිපෙන්නට වෙර දරමි යළි මේ
ගී අසා හිරු නැගෙන දවසක...

© ධනුෂ දිසානායක
කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.

අකාලෝචිත ප්‍රේමය...

සඟවී අවුත් මවෙත
පා සිහින් සිනහා
යනෙන ලස්සන රවටා
මා යළි යළි...,

"තෝ" වෙතම ලොල් කර...

හරුප සිහිවෙන
ගොම්මන් යාමය පහව
මවෙත එන අඳුරු තත්පරය
ගෙන එන සෙලෝලයිඩ් මතකයන්
මා යළි යළි...,

"තෝ" වෙතම ලොල් කර...