මම ආසයි මල් වලට...

ගඟක් අසල - මම ආසයි
මගෙ කෙල්ලගේ උකුලේ - ඔලුව තියන් ඉන්න

ගලක් දැක්කම - මම ආසයි
ගුහාවක් තියනවනම් - ඩිංගක් රිංගන්න

සෞන්දර්ය - ඒකිට තේරෙන්නෑ
ආර්ට් එක - ඒකිට තේරෙන්නෑ

හැන්දෑවට හමුවෙන්න - මල් දෙන්න - සිප ගන්න
බොරු කතා - වැඩක් නෑ
# ඒකි ආසයි මල් වලට - මට තේරෙන්නෑ

හැන්දෑවට සෙට් වෙන්න - මල් ගන්න - මල් බොන්න
බොරු වැඩ - මගේ නෑ
# මම ආසයි මල් වලට - ඒකිට තේරෙන්නෑ

මල් රස තේරෙන්නෑ - මල් රස ඇය දන්නෑ
මල් පැණි ඇය බොන්නෑ - මගෙ මල් ඇය දන්නෑ
ඇගෙ මල් මට හුරු නෑ

# ඒකි ආසයි මල් වලට - මට තේරෙන්නෑ

   මම ආසයි මල් වලට - ඒකිට තේරෙන්නෑ


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

No comments: