හීන දකින්නට...

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//

හීන දකිනවා - පඳුරු සැලෙනවා
සිකුරුටි එනවා - ගස් හෙලවෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

රුපියල් පොකෙට් එකෙන් - දැන් වැටෙනවා
ප්රීතිය පැකට් පිටින් - සතුට ගේනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

නිවාඩු ලැබෙනවා - බෝඩිං හිස් වෙනවා
රූමත් යනවා - මං තනි වෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

No comments: