ඒයි මචන්...

ඒයි මචං - කවි ලිව්වෙ පරිණාමය වෙන්න හිතන්
කවිය කලේ - කෙලවපු එකයි මචන්
 .
මේ බලපන් - කවියේ කොලේ හුලඟෙ ගිහින්
ඕනෙමනං - ඇහිඳගනින්
.
ලව් කියල ලිව්වෙ මං - කවිය උඩින්
ලව් කියල කිව්වෙ - පන්ති ගිහින්

ලව් ඉලව් උනේ - උබ ඒකි එක්ක රූම් ගිහින්
ලව් රතු වෙලා අම්මගෙ සුදු රෙද්ද උඩින්
.
ඒයි මචන්...
.
මහ ඇඳ හෙට ඉඳන් - ඩේලී රූටින්
මහ ඇඳ ඒකිට වැඩක් නෑ බන් - ඩේලි රූටින්
තව පොඩි ඇඳක් ගන්නද - රෝස පාටින්
ඒකිටත් කෙල වෙයිද අන්තිමේ - රතු පාටින්
.

ඒයි මචන්... මේ බලපන්... ඒයි මචන්...


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

No comments: