සීතලයි රෝමියෝ...

සීතලයි රෝමියෝ - සුරුට්ටු බොනවා
සීතලයිනෙ ජුලියට් - සුරුට්ටු බොනවා

ඉස්කෝලෙ බෙල් එක - දෙකට වදිනවා
රෝමි ජුලියට්ව - කඩේ අදිනවා //
විසි එකත් වයසක් - මුදලාලි අහනවා
දෙන්නටම දහ අටයි - සුරුට්ටු බොනවා

සීතලයි රෝමියො..

රෑට රෝමියෝ - සුරුට්ටු බොනවා
උදේට ජුලියට් - සුරුට්ටු බොනවා //
පිළිකා ඇති කරයි - පැකට්ටුවෙ වදිනවා
ජුලියට්ගේ බුරිය උඩ - අළු ටික වැටෙනවා

සීතලයි රෝමියෝ..


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක



No comments: