බෝඩින් වැසියෝ...

බෝඩින් වැසියෝ - වෙල්ලස්සේ //

හිතේ එකයි බඩේ එකයි - වෙනසක් නෑ කිසි වෙනසක් නෑ
කෑම පෝලිමේ - කොල්ලො ටිකයි
දහයේ අඩු වලට - කොල්ලො ගොඩයි

බෝඩින් වැසියෝ

එකම ඇඳේ කොල්ලො තුනයි - උන්ගේ තනියට මකුනො ගොඩයි
ගමේ එවුන් - වෙරි වෙනවා
අපේ එවුන් - ගුටි කනවා

බෝඩින් වැසියෝ

ජනෙල් වලින් ඔලු එබෙනා - අපේ කෙල්ලො බයවෙන්නා
ලොකු තැන් වල සැල වෙන්නා
අනේ අපිනං දන්නෙ නෑ.... (එහෙමයි කියන්නේ)

බෝඩින් වැසියෝ



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
මුල් පද රචනය සහ සංකල්පනාව - වාසු දේවකී
ගිගුම් වෙනුවෙන් විකල්ප පද රචනාව - ධනුෂ දිසානායක

මම ආසයි මල් වලට...

ගඟක් අසල - මම ආසයි
මගෙ කෙල්ලගේ උකුලේ - ඔලුව තියන් ඉන්න

ගලක් දැක්කම - මම ආසයි
ගුහාවක් තියනවනම් - ඩිංගක් රිංගන්න

සෞන්දර්ය - ඒකිට තේරෙන්නෑ
ආර්ට් එක - ඒකිට තේරෙන්නෑ

හැන්දෑවට හමුවෙන්න - මල් දෙන්න - සිප ගන්න
බොරු කතා - වැඩක් නෑ
# ඒකි ආසයි මල් වලට - මට තේරෙන්නෑ

හැන්දෑවට සෙට් වෙන්න - මල් ගන්න - මල් බොන්න
බොරු වැඩ - මගේ නෑ
# මම ආසයි මල් වලට - ඒකිට තේරෙන්නෑ

මල් රස තේරෙන්නෑ - මල් රස ඇය දන්නෑ
මල් පැණි ඇය බොන්නෑ - මගෙ මල් ඇය දන්නෑ
ඇගෙ මල් මට හුරු නෑ

# ඒකි ආසයි මල් වලට - මට තේරෙන්නෑ

   මම ආසයි මල් වලට - ඒකිට තේරෙන්නෑ


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

අරමුණක් නැති ජීවිතේ...

අරමුණක් නැති ජීවිතේ
කාසි සොයනා මාවතේ
මහා සාගතේ

වෙලී ඉඳහිට මීවිතේ
කොල්ලො රැළ දැන් සාගතේ
වෙලී මීවිතේ

මහපොල අත්සන් පෝලිමේ
බර්සරි එනතුරු හාමතේ
මී විතේ - හිරවී අපි මේ දූපතේ
ආස්චර්-යයේ

අරමුණක් නැති ජීවිතේ...

දහයෙ අඩුවට කැන්ටිමේ
කොල්ලො සීයක් මගෙ වටේ
ජීවිතේ - අවුරුදු හතරක දූපතේ
ආස්චර්-යයේ...



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

ඒයි මචන්...

ඒයි මචං - කවි ලිව්වෙ පරිණාමය වෙන්න හිතන්
කවිය කලේ - කෙලවපු එකයි මචන්
 .
මේ බලපන් - කවියේ කොලේ හුලඟෙ ගිහින්
ඕනෙමනං - ඇහිඳගනින්
.
ලව් කියල ලිව්වෙ මං - කවිය උඩින්
ලව් කියල කිව්වෙ - පන්ති ගිහින්

ලව් ඉලව් උනේ - උබ ඒකි එක්ක රූම් ගිහින්
ලව් රතු වෙලා අම්මගෙ සුදු රෙද්ද උඩින්
.
ඒයි මචන්...
.
මහ ඇඳ හෙට ඉඳන් - ඩේලී රූටින්
මහ ඇඳ ඒකිට වැඩක් නෑ බන් - ඩේලි රූටින්
තව පොඩි ඇඳක් ගන්නද - රෝස පාටින්
ඒකිටත් කෙල වෙයිද අන්තිමේ - රතු පාටින්
.

ඒයි මචන්... මේ බලපන්... ඒයි මචන්...


#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

හීන දකින්නට...

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//

හීන දකිනවා - පඳුරු සැලෙනවා
සිකුරුටි එනවා - ගස් හෙලවෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

රුපියල් පොකෙට් එකෙන් - දැන් වැටෙනවා
ප්රීතිය පැකට් පිටින් - සතුට ගේනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

නිවාඩු ලැබෙනවා - බෝඩිං හිස් වෙනවා
රූමත් යනවා - මං තනි වෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා

හීන දකින්නට - ආස හිතෙනවා
හීන බලන්නට එයයි මමයි - අඳුරට ඇදෙනවා
//



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක

සුජී...

ණයට සාහිත් - ණයට ගී පද් - ණයට වැදගත්ය
කන්න බොන්න - සල්ලි වලට
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

ණයට පොශ් නටන - ණයට රථ ගාය - ණයට රස්සා කරන
නිදි කිරන්න - වදින්න - සල්ලි වලට
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

ණයට චාමරගෙන් - ණයට ගුටි කෑමෙන්
ණයට සේයා - ණයට වැල ලැප් - ණයට නීතිය - ණයට බලය
අතට ගන්න කලින්
සුජී ඔය පෝන් එක දීපන් - ලමයෙක්ට

සුජී උඹේ සාහිත්ය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ වැල ටික දීපන් - ලමයෙක්ට
සුජී උඹේ ඩිග්රිය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ නීතිය දීපන් - ලමයෙක්ට
සුජී උඹේ චන්දෙත් දීපන් - ලමයෙක්ට


(සුජී, උඹට කිසිම ප්රශ්නයක් නෑ. උඹට තියෙන්නෙ කෘත්රිමව හදල දුන්නු ප්රශ්න. දැනගනින්, උඹට කියල කිසිම දෙයක් ඉතුරු වෙලත් නෑ වෙන්නෙත් නෑ,ඔය ඔක්කොම දීල දාපන් ලමයෙක්ට සුජී)



#ගිගුම් - ඌව වෙල්ලස්සේ විකල්ප සංගීත සන්ද්‍යාව වෙනුවෙන් රචිතයි!
පද රචනාව - ධනුෂ දිසානායක